පිදුරංගල පිළිබඳ ඓතිහාසික තොරතුරු අනුව දක්නට ලැබෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ ¡ වන කාශ්‍යප (477 - 495) රජුගේ කාලයයි මහාවංශයට අනුව කාශ්‍යප රජු විසින් බෝ උපුල්වන් විහාරය තනවා උතුරු දිග උයනද සමඟ භික්ෂුන්ට පූජා කළ බව සඳහන් වේ. එය පිදුරංගල විහාරය බවට ඇතමෙකුගේ විශ්වාසයයි. ක්‍රි.ව පස්වන සියවස සිට දහවන සියවස දක්වා අතර කාලයේ පිදුරංගල සංවර්ධිත අවදිය බවට තහවුරු කළ හැකිය.

පිදුරංගල පර්වතය නැරඹීමට ගමන් ඇරඹීමේදී හමුවන වර්තමාන විහාරය හා දේවාලය ඉපැරණි ලෙනක් තුළ නිර්මාණය කර ඇත. වසර 150 ක් තරම් පැරණිමෙම විහාරය සැතපෙන පිලිමයකින් හා පංචාවාස ගොඩනැගිලි පිහිටි ස්ථානයෙන් ගෙනෙන ලද ශිලාමය ප්‍රථිමා යුගලකින් සමන්විත වේ. මෙම ලෙන් විහාරයේ කටාරමට පහලින් ලෙන පූජා කිරීම පිළිබඳ ක්‍රි.ව 6-7 සියවස්වලට අදාළ ලිපියක් දැකිය හැක. ක්‍රි.පූ 05 වන හා 01 වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මගින් මෙහි අතීතයේදී ද භික්ෂු ආරාමයක් පැවති බවට තහවුරු වී ඇත.මෙහි ලෙන් විහාර සම්ප්‍රදාය පැවතී ඇත.

පිදුරංගල පර්වතය මත පිහිටි ලෙන තුළ හුණු බදාමයෙන් යුක්ත බුදුපිළිමයක් දක්නට ලැබේ. දිගින් 42' කින් යුත් මෙම පිළිම වහන්සේ 2002 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර ඇත. පිළිම වහන්සේට දෙපස භික්ෂු කුටි මුල් කාලීනව තිබී ඇති නමුත් මේ වන විට පැහැදිලිව දැකගැනීමට ඇත්තේ සිරිපතුල් යොමු කර ඇති පෙදෙසේ කුටි පමණි. එම ලෙන් ඉදිරිපිට ගිරිලිපියක් දක්නට ලැබෙන අතර අතීතයේ විහාරයට පිදූ කෙත්වතු පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

පර්වතය පාමුල පිහිටි ස්ථූපය පාදාගැනීම 1951දී අඑඹා ඇත. එක් පැත්තක් දිග 80' සම සතරැස් මළුවක් පිහිටි අතර වට බැම්ම 6' උසින් යුතුවේ.සිව් දිශාවෙන්ම ස්ථූපයට පිවිසීමට දොරටු සතරකි.ස්ථූපයේ විෂ්කම්භය 50' කි. ස්ථූපය වටා සිව් දිශාවටම මල් ආසන හතරකි. ඉන් එකක් කළුගලින් යුතු අතර සෙසු ආසන ත්‍රයම හුණු ගලින් නිර්මිතය. එහි කැණීම්වලින් කඹ ධාතු කරඬුවක් , රෝම කාසියක් හා තඹ පත්‍රයක් හමුවී ඇත. ස්ථූපය පිහිටි පූජනීය පරිශ්‍රයේ බොධිඝරය, පිළිමගෙය, උපෝෂතාගාරය, හා සභාශාලාව පිහිටා ඇත.

Toilet Facilities: Yes

Disable accessibilities: Yes

Distance from Matale: 20km

Tickets: Yes

More Destinations