හීල් ඔය සංචාරක නගරය

මැදදුම්බර කොට්ඨාසය - මහනුවර දිස්ත්‍රික්කය

උඩරට රාජධානියේ සුප්‍රසිද්ධ සහ ජයග්‍රාහී කඳුකරයේ දුම්බර මිටියාවතේ (මීදුම් මිටියාවත) පිහිටා ඇති, අවට පළාතම දිස් වන හීල් ඔය කුඩා ගම්මානය එදවස රජවරුන්ගේ නිරන්තර අවධානයට ලක් විය. හරිත වනාන්තරවලින් වැසී ගිය සහ නිල් කඳුකරය වට කොට ගත් මිටියාවත, ගොඩබිමෙන් වට වූ උඩරට රාජධානියට හොඳම ආරක්ෂක බලකොටුව වූ අතර, රජවරුන්ගේ විශේෂ රාජකීය අනුග්‍රහය මේ ප්‍රදේශය වෙත නිතැතින්ම හිමි විය. නිම්නයේ සාරවත් පස ජාතියේ කෘෂි ආර්ථිකය සඳහා ආශ්චර්යමත් ක්ෂේම භූමියක් බඳුය. මෙම අව්‍යාජ ස්ථානය, වී වගාවට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා සාරවත් ජලය සපයන දිය ඇලි සහ ගංගා රාශියකින් සමන්විත වූ කඳු යායකින් වටවී ඇත. 

ක්‍රිස්තු පූර්ව 2 හෝ 3 වැනි සියවසේ රජවරුන් විසින් මෙම ගම්මානයේ කුඹුරු ඉඩම් බඹරගල ලෙන් විහාරයට පූජා කළ බැව් ඉතිහාසඥයන්ගේ මතයයි. එම යුගයේ පාලක රජු විසින් මෙම ලෙන් විහාරය සංඝයා වෙත පවරා දී ඇති බව ගල් ලෙන මුදුනේ ඇති බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළි වේ. බඹරගල ලෙන් විහාරයට අයත්ව තිබූ පෞරාණික ධාන්‍යාගාරයේ සහ දැනට ප්‍රතිසංස්කරණය කරන ලද ධාන්‍යාගාරයේ නටඹුන් මෙම සිදුවීම සඳහා ප්‍රබල සාක්ෂි සපයමින් මෙම ගම්මානය තුළ තවමත් ශේෂව පවතී.

 

කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747-1782) විසින් කළුදිය වල (කළු ජල තටාකයේ) එනම් ගම්මානයේ සැඟවුණු දිය ඇල්ලේ ජලය බඹරගල ලෙන් විහාරයේ කුඹුරු ඉඩම්වලට ජලය සැපයීම සඳහා ඇළවල් සංවර්ධනය කිරීමටද යොදා ගෙන ඇත. එබැවින්, මෙය වසර 2000 කට වඩා ඉපැරණි ගම්මානයකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ක්‍රි.පූ. තුන්වන සියවසට පෙර කාලයට අයත්  බඹරගල සෙල් ලිපිය ගැන ඔහුගේ ලංකා ශිලා ලේඛනය, වෙළුම.1 (1970) හි විස්තර සපයයි.

 

තඹ සන්නස (තඹ තහඩු මත ලියා ඇති රාජකීය ආඥා) අනුව, බඹරගල විහාරය මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමයේදී (ක්‍රි.ව. 1747-1782) ඉදිකරන ලද්දකි. බඹරගල ලෙන් විහාරය අවට ඉඩම් එකල රජතුමා විසින් එම විහාරය වෙත පූජා කොට ඇත. මෙම ගම්මානය හෙක්ටයාර 162 ක කුඹුරු ඉඩම්වලින් සරුසාරය. එබැවින්, හීල් ඔය ගම්මානයේ කුඹුරු ඉඩම්වලින් හෙක්ටයාර 6.7 ක ඉඩම් අදටත් සංඝරත්නය සතුය.

මෙය, හෙල් මළු ක්‍රමයට වගා කරන ලද නීල වර්ණ කුඹුරු සහ පොද්දල්ගොඩ ඔය, හීල් ඔය සහ ගල්මල් ඔය හි විනිවිද පෙනෙන තරම් සුපැහැදිලි ජලයෙන් පිරිසිදු කරනු ලබන නැවුම් වාතයෙන් පිරි ගම්මානයකි. සුවදායක දේශගුණය, ශ්‍රී ලාංකේය ආහාර සහ පාරම්පරික උඩරට ජීවන රටාව  අත්විඳිමින්, ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික උරුමය ගවේෂණය කිරීමට මෙම සුවිශේෂී ස්ථානය විසින් සංචාරකයින් වෙත ඇරයුම් කෙරේ. පහළ බෑවුමේ සිට නකල්ස් කඳු මුදුන වෙත යන ගමනේදී දේශීය ශාක විශේෂ, පක්ෂීන්, ක්ෂීරපායින්, කෘමීන් පමණක් නොව, ඒකදේශික නැවුම් මිරිදිය ජලජ ශාක සහ සතුන් ඇතුළු ජෛව විවිධත්වයේ පොහොසත්කම අත්විඳීමට අවස්ථාව උදා වේ.

 

 වරිග සභාව (වංශ සභාව)   

දේශීය පාලන ක්‍රමයේ පැරණි ගම් සභාව, කුඩා කණ්ඩායම් සන්නිවේදනය මත පදනම් විය. මෙම ක්‍රමය ක්‍රමානුකූල ප්‍රජා සහභාගීත්වය සඳහා දීර්ඝ කාලයක පටන් භාවිත කර ඇත. හීල් ඔය විවෘත ගම් සභාව පිහිටා ඇත්තේ අනෙකුත් ස්ථානයන්ට වඩා විශාලත්වයකින් සහ උසකින් යුත් මනරම් බිම්කඩක ය. ඇතැම් ඓතිහාසික සංකේත සභාව මධ්‍යයේ කැටයම් කර ඇත. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් සහ වාරිමාර්ග, ආගමික සහ රාජ්‍ය ආරක්‍ෂාව නඟා සිටුවීම වැනි සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලද ක්‍රමානුකූල පාලන ක්‍රමයක් අතීතයේ දී ශ්‍රී ලංකාව තුළ පැවතුණි. මුලදී එය සභා නම් වූ කුඩා මණ්ඩලයක් වූ අතර, එහිදී අදාළ කරුණු සාකච්ඡා කරන ලදී.

 

 කමත සහ චාරිත්‍ර 

කමත කුඹුරු වගාවේ ගෞරවාන්විතම ස්ථානයයි. දිව්‍යමය ස්ථානයක් ලෙස සලකා මෙම ස්ථානයට ගරුබුහුමන් කරනු ලබයි. ගොවියන් වැඩ කරනු ලබන්නේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය අනුව සකසන ලද නැකතට අනුව ය. ගල් කමත (ගලින් තනාගත් බිම), බිම් කමත (කුඹුරු යායට නුදුරින් පිහිටි පැහැදිලි බිම් පෙදෙසක්), වෙල් කමත (ස්ථිර නොවන අතර කුඹුරු යායක සාදනු ලැබේ) යනුවෙන් කමත් බිම් තුනක් මෙම ගම්මානයේ දැකගත හැකිය.

 

 කඩතුර ගල් ලෙන (කඩතුර ගුහාව)

උඩරට රාජධානියේ අවසන් රජු විසින් සතුරන්ගෙන් බේරීමට මෙම ගුහාවේ වාසය කළ බව විශ්වාස කෙරේ. ජනප්‍රවාදයට අනුව, ලෙනෙහි ප්‍රධාන විවරය තිර රෙදිවලින් (කඩතිර) ආවරණය කර සැඟවී සිටීමට භාවිත කර ඇත. තිරයේ කොකු සඳහා සාදා ඇතැයි සැලකෙන සිදුරු ලෙන් දොරේ ඉහළින් දැකගත හැකිය. කඩතුර ගල් ලෙන යන නම නිර්මාණය වී ඇත්තේ තිර රෙදි (කඩතිර) වලින් වැසී ඇති ගුහාව යන යෙදුමෙනි. සිදුරු විදීම සඳහා භාවිත කර ඇති තාක්ෂණික ක්‍රම සහ උපකරණ සුවිශේෂී වේ.

 

කළු දිය පොකුණ

දර්ශනීය නමුත් තැතිගන්වනසුළු ගැඹුරු කළු දිය පොකුණ, මෙම විස්මිත ගම්මානයේ කෙළවරින් ගලා බසින "හීල් ඔය" ගඟේ වඩාත් ආකර්ෂණීය කොටසකි. තංගපුවෙන් ආරම්භ වී ආනමලේ තේ වත්ත හරහා ගලා බසින හීල් ඔය ගඟ අතරමගදී කළු දිය පොකුණ හමුවෙයි. ඉන්පසු පහළට ඇද හැලෙන දිය දහරාව මඟින් මීටර් 28 ක් උසැති “රන් ඇල්ල” නම් දිය ඇල්ල නිර්මාණය කරනු ලබයි. මෙම දිය ඇල්ල යට “කළු දිය පොකුණ” විශාල දිදුලන කළු මැණිකක් මෙන් දිස්වෙයි. තටාකයේ ගැඹුර මීටර් 30 ක් පමණ වන අතර, නිහඬ ජලය මඟින් පරිසරයට සිසිල් සහ සන්සුන් බවක් එක් කරනු ලබයි. කළු දිය පොකුණේ පිරිසිදු ජල කඳ නැවතත් බර්න්සයිඩ් තේ වත්ත පැත්තෙන් හීල් ඔය හමුවීමට ලහි ලහියේ පහළට ගලා බසී. ගමන් මඟ ගල් සහිත අවදානම් එකක් වූවද, ත්‍රාසජනක අත්දැකීම්වලට රිසි අයෙකුට එය අමතක නොවන අත්දැකීමකි. හීල් ඔය වටගල මාර්ගය මනස්කාන්ත දර්ශනයකින් යුතු තවත් පිවිසුම් මාර්ගයකි. සංචාරකයින් මෙම මාර්ගයෙන් ගමන් කරන්නේ නම්, ඔහුට හෝ ඇයට පහළ හීල් ඔය වත්ත සහ බර්න්සයිඩ් පරණ කරත්ත පාරේ ලී පාලම මතින් ගමන් කළ හැකිය.

 

පෙරුමල් වැටුණ ඇල්ල

මෙය හීල් ඔයට අයත්, දොළ අයිනේ පිහිටා ඇති සුන්දර කුඩා දිය ඇල්ලකි. ජනප්‍රවාදයට අනුව, පෙරුමාල් නමැති කම්කරුවෙකු මෙම දිය ඇල්ලෙන් වැටී, එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත් වී ඇත. එබැවින් මෙම ඇල්ල පෙරුමාල් වැටුණ ඇල්ල ලෙස නම් කර ඇත. දිය පහර දිගේ ඇල්ල වෙත යන මාර්ගය සංකීර්ණ නොවූවත්, අපැහැදිලි පෙණ බුබුළු නඟමින් පර්වතය දිගේ ගලා විත් පහළට විසිරී යන ජලය වෙත ළඟා වීම අපහසු නැත.

 

හීල් ඔය

හීල්ඔයේ නිහඬ ගමන මාළු, ජලජ කෘමීන්, බත්කූරන් සහ මිරිදිය කකුළුවන් වැනි ජලජ ජීවීන් සඳහා ගෙන එනුයේ සැනසිල්ලකි. මෙම දිය පහරේ ජල පෝෂක ප්‍රදේශය රංගල මේඝ වනාන්තරයයි. එතැන් සිට බර්න්සයිඩ් වතුයාය දිගේ දිය පහර කිලෝමීටර 14 ක් පමණ පහළට ගලා යයි. අඟුරුවැල්ල වත්ත හරහා කිලෝමීටර 8 ක් පමණ පහළට ඉතා වේගයෙන් ගලා බසින පොද්දල්ගොඩ ඔය, රෙටියාගම ඔය, ගල්පොත ඔය ද ගල්ඔය ප්‍රධාන ජල ධාරාවට එකතු වී මොරගහමුල පාලම හරහා ගලා යමින් වික්ටෝරියා ජලාශය පෝෂණය කරනු ලබයි.

   

පොද්දල්ගොඩ ඔය

ගම්මානයේ පිවිසුම අසලින් ලහි ලහියේ ගලා බසින ජල ධාරාව සංචාරකයින් පිළිගනිමින්, ගම්මානය වෙත මඟපෙන්වන පොද්දල්ගොඩ ඔය මතින් දිවෙන පාලම යටින් වේගයෙන් ගමන් කරයි.

 

වාර්ෂික ගොවිතැන් කටයුතු

මෝසම් ඍතු දෙක සහ අන්තර් මෝසම් කාලගුණ වෙනස්වීම් අනුව හීල් ඔය ගම්මානයේ කාලගුණ රටාවන් නිර්මාණය වී ඇත. ‘යල’ මෝසම මැයි සහ අගෝස්තු මාස වලදී තද වැසි සමඟ ආරම්භ වේ. වියළි කාලගුණය දෙසැම්බර් සහ මාර්තු මාස අතර වේ. ඔක්තෝම්බර් සහ පෙබරවාරි අතර මාසයන්හිදී ශ්‍රී ලංකාවේ ඊසාන මෝසමේ ආර්ද්‍රතත්වයන් ‘මහ මෝසම’ මඟින් ඇති කරනු ලබන අතර, ධාරානිපාත වර්ෂාවන් ඇති කරනු ලබයි. කන්නයක අස්වනු නෙලීමෙන් පසු කුඹුර සකස් කිරීම ආරම්භ කරනු ලබයි. මිනිසුන් විසින් උදලු භාවිතයෙන් කුඹුරු කෙටීම සහ මී හරකුන් යොදාගෙන පස් කැපීම මෙම ගම්මානයේ පෙර සිට පැවත එන ක්‍රමයකි. 

 

Villa life

 

කඳුකරයේ අව්‍යාජ ජීවන රටාව අත්විඳින්න

ස්වදේශික ආදි මුතුන් මිත්තන් සතු වූ ආශ්චර්යමත් ඥානය සහ තිරසාර සමාජය

පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ශ්‍රී ලංකාවේ දේශීය දැනුම පද්ධතිය, සංකීර්ණ තොරතුරු මාලාවකින් මෙන්ම කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, පරිසර හිතකාමී ඉදිකිරීම්, සම්ප්‍රදායික කර්මාන්ත, දේශීය වෛද්‍ය ක්‍රම, සම්ප්‍රදායික අධිකරණ පද්ධති සහ පාරිසරික විපර්යාසයන්ට මුහුණ දීමට අවැසි උපායමාර්ග ආදියේදී ස්වභාවික පරිසරය සමඟ ඔවුන් පැවැත්වූ නොයෙකුත් අන්තර්ක්‍රියාවලින්ද සමන්විත වේ. කෘෂිකර්මය, ආහාර සැකසීම, සෞඛ්‍ය සේවා, සම්ප්‍රදායික ක්‍රීඩා, සංරක්ෂණ ක්‍රම සහ ආචාර ධර්ම පිළිබඳ ශක්තිමත් පදනමක් සමඟින් අද්විතීය සංස්කෘතික උරුමය විකාශනය වී ඇත. කෙසේ වෙතත්, සමාජ දේශපාලන හා ආර්ථික නවීකරණයේ ප්‍රගතිය හේතුවෙන් මෙම උසස් සංස්කෘතිය හා උරුමය අද වෙනස් වෙමින් පවතී. එබැවින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා මෙම සාම්ප්‍රදායික ශාස්ත්‍රයන් අනාගත පරපුරට දායාද කළ යුතුය. 

මෙම වටිනා දේශීය දැනුම අභාවයට යමින් පවතින බැවින්, සාම්ප්‍රදායික දැනුම අධ්‍යාපනයට එක් කළ යුතු අතර සාම්ප්‍රදායික සංස්කෘතිය, දැනුම හා කුසලතාව ලබා ගැනීමට සහ ඊට ගරු කිරීමට ගුරුවරුන් සහ සිසුන් දිරිමත් කළ යුතුය. 

හීල් ඔය යනු යුනෙස්කෝ ලෝක උරුම අඩවිය වන නකල්ස් කඳුවැටියේ පිහිටා ඇති එවැනි සාම්ප්‍රදායික ගම්මානයක් වන අතර, එහිදී ශ්‍රී ලාංකේය උඩරට සාම්ප්‍රදායික සම්පත්වල අව්‍යාජත්වය අත්විඳිය හැකිය.

 

More things to do