මාතලේ සිට රිවර්ස්ටර්න් හරහා පැමිණ පිටවල පතන පසුකොට පැමින පිටවල හන්දියෙන් දකුණට හැරිය යුතුය.එහි සිට කි.මි 3 ක් ගිය පසු රතින්ද හන්දියට පැමිණ වැද්දා පැණි ඇල්ල පසු කොට ඇටැන්වල ගමට පිවිස එතැන් සිට කි.මි 2ක් වල්පොලමුල්ල පාරේ ගොස් වමට හැරි මානිගලට ගොඩ විය හැක.

මානිගල කන්ද ගල් පර්වතයකින් යුක්ත වේ.මෙය රිවර්ස්ටර්න් වලට පහතින් පිහිටා ඇති අතර ඇටන්වල සිට පයින් යාමට සිදු වේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පයින් යන මාර්ගය පිලිසකර කොට ඇත.මෙහි එක් විශේෂත්වයක් වන්නේ ගලෙහි කඩතොලු කොටසකට ඉර එලිය වැටෙන වේලාව පස්වරු 4.30 ලෙස හැදින්වේ.දෙමළ ජනයා වැඩ අවසන් කරන වේලාව එලෙස හදුනා ගනී.ඒ අනුව මානිගල ලෙසද හැදින්වේ.ගොන්නු,දිවියෝ,අලියෝ,වදුරෝ,රිලවෝ,හැලිවදුරෝ,ඌරෝ,ඉත්තෑවෝ,වැලි මුවෝ,මී මින්නෝ,කල වැද්දෝ ආදී වන සතුන් මෙහි වාසය කරයි.වලසුන් දැක ගත නොහැක.වලස් ඇදිරිය නැමැති ශාකයක් මෙහි ඇති අතර එම නිසා වලසුන්ට ඇස් නොපෙනේ.මානිගල කන්දද නකලස් රක්ෂිතයට අයිතිවේ.

Hiking Difficulty: 5/10

Toilet Facilities: No

Disable accessibilities: No

Distance from Matale: 40km

Difficulty level: high

Tickets: Yes

More Destinations