සංචාරක සංවර්ධනය, පුද්ගල ශාරීරික සුවතාවය උදෙසා පාපැදි භාවිතය ප්රචලිත කිරීම හා ව්යාවසායක සංවර්ධනය ඉලක්ක කර ගනිමින් නිදහස් මාවත නමින් නව වැඩසටහනක් මහනුවර ගන්නොරුව මාර්ගයේ දි, 75 වන නිදහස් දින සැමරුමට සමගාමී ව 2023.02.04 වන දින මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ සංකල්පයක් මත, එතුමාගේ  ප්‍රධානත්වයෙන් පළමු වැඩසටහන පේරාදෙණිය උද්භිත උද්යානය අසලින් නිදහස් පාපැදි ධාවනයක් මඟින් ආරම්භ කෙරිණි. 

පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ දංගොල්ල මංසන්ධියේ සිට ගොරකාදෙනිය මංසන්ධිය දක්වා වූ මාර්ග කොටස නිදහස් ක්රියාකාරකම්වලින් සහ වෙළද අවස්ථා සදහා වෙන් කර දෙමින් විවිධ ක්රියාකාරකම් එම පරිශ්රය තුල සංවිධානය කොට ක්රියාවට නැංවිණි. සංචාරක, ක්රීඩා, කර්මාන්ත , කෘෂිකර්ම , ඇතුළු ක්ෂේත්ර ගණනාවක් මෙම ව්යාපෘතිය සදහා විවිධ අංග සදහා සහභාගී කර ගැනුන අතර උද්භිත උද්යානය වටා පාපැදියෙන් ගමන් කොට නිදහස් මාවත ව්යාපෘතිය ක්රියාත්මක පරිශ්රයට පැමිණි දෙස් විදෙස් සංචාරක කණ්ඩායම ව්යාපෘතියේ විවිධ ක්රියාකාරකම් වට සහභාගී විය. 

පළාත් කර්මාන්ත අමාත්යාංශය මෙහෙයවීමෙන් කර්මාන්ත සංවර්ධන හා ව්යාපාර ප්රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කල නිදහස් මාවත වැඩසටහන සදහා පළාත් සංචාරක , ක්රීඩා , සංස්කෘතික, කෘෂිකර්ම ආදී දෙපාර්තමේන්තු සහාය දැක්විය. ජාතික උද්භිත උද්යාන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව හදබිම අධිකාරිය, මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලය , පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය, මහනුවර නගර සභාව ඇතුළු රාජ්ය ආයතන සහ Biye -B සංවිධානය ,මහනුවර පාපැදි සංගමය පාර්ශව රාශියක් එක් විය. 

ආරම්භක අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් ප්රධාන සහ අධ්යාපන අමාත්යාංශ ලේකම් අජිත් ප්රේමසිංහ , කර්මාන්ත අමාත්යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්රධානින් සහ නිලධාරින් ද එක්විය.

 

central

central

central

central

central

central

central

central



More Events